යහපත් ආකල්ප ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ එදිනෙදා යහපත් පුරුදු වේ.
වර්තමාන සමාජය දෙස බලන විට බොහෝ පුද්ගලයන් අනවශ්‍ය දෑ තුළින් මනස පුරවා ගෙන සිටි.
මේ නිසා ඔවුනට යහපත් දේ දැකීමට කාලයක් නොමැති අතර යහපත් පවුල් ජිවිතයක්,යහපත්
ආර්ථිකයක් හා යහපත් දෙමාපිය දු දරු අඹුසෑමි සම්බන්ධතා ගොඩ නඟා ගැනීමේ හැකියාවක්
නොමැත. අද මේ කෙටි ලිපියෙන් ඉහත කාරණාව සඳහා බලපාන කරුණු කිහිපයක් සලකමු.
1.
අනුන් විවේචනය
2.
ඕපදුප සෙවීම
3.
කේලම් කීම
4.
විකාර ටෙලි
නාට්‍ය
( බොහෝ අයට
අනුන්ගේ ඇදකුද කථා නොකර සිටීමට නොහැකි අතර දෙදෙනෙකු හමු වු විට ද, බිරිඳ
සැමියා සමඟ හෝ තම කාර්යාල මේසයදී ද අනුන්ගේ අඩුපාඩු කථා
කිරීමට පුරුදුව සිටී. කිසිදු පුද්ගලයෙක් සම්පුර්ණ නැති අතර තමාගේ නොයෙක් අඩුපාඩු
තියෙද්දී අනුන්ගේ දේ සොයයි. අනුන් විවේචනය කරන කාලය තුලදී ඵලදායි යමක් කිරීමට හැකි
නම් එය වඩා යහපත් වේ.අල්ලපු ගෙදර පවුල් ජීවිතය ගැන සැමියාගේ බිරිඳගේ සහෝදර
සහෝදරියන් ගැන තමාගේ සේවා ස්ථානයේ සහෝදර නිලධාරීන් ගැන විවේචනය කිරීමෙන් මනස තුළ
නිරන්තයෙන් අයහපත් සිතුවිලි ගොඩනැගේ.මෙය වක්රකාරව මුහුණෙන් පිළිබිඹු වන අතර ප්රසන්නභාවයෙන්
ඈත් වේ. කලකට ඉහත අන්තර්ජාලය ඔස්සේ මා
අපුරු වැකියක් දුටුවෙමි.“මෝඩයා අනුන් ගැන කථා කරයි. බුද්ධිමතුන් නව අදහස් ගැන
කථා කරයි”මෙලෙස අයහපත් ලෙස පුද්ගලයන් විවේචනය කිරීමෙන් අයහපත සිදු වන්නේ අපටමය.
( ඕපදුප සෙවීම
ඉහත කාරණාව හා බැදේ. ඕපදුප සොයන්නා අනිකුත්
පුද්ගලයන් අතර අප්රසන්තාවයට ලක්
වේ.ඔපදුප නිසා යහපත් දේට මනසේ කාලය නොමැති අතර
ඔවුන්ගේ පෞද්ගලික ජිවිතයේද සාර්ථකත්වය අඩපණ වේ.
( කේලම් කීම ඉතා
භයානක තත්ත්වයකි.මේ තුළින් රටක් වුවද විනාස මුඛයට ගිය අවස්ථා අප අතීතයේද අසා තිබේ.
බොහෝ විට මෙසේ කේලම් කියන්නා මනා පෞරෂත්වයක් නොමැති පුද්ගලයන්ය. යහළුවන් අතර
අසල්වැසියන් අතර ආයතන ප්‍රධානීන් සේවකයන්
අතර ද කේලම් කීම බොහෝ විට සිදු වේ.යම්
අවස්ථා වල ආයතනයක් නොවන ස්ථාන වලදී කේලම් කීමෙන් එහි ප්‍රතිඵල මිනීමැරුම් දක්වා
දුර දිග ගිය අවස්ථා අප බොහෝවිට දැක තිබේ.ආයතනයක් තුළදී කේලම් කීමෙන් සුදුස්සාට
සුදුසු තැන නොලැබී යන අතර නොසුදුසු ක්‍රියාවන් සිදුවීම නොසුදුසු තීරණ ගැනීම ආයතනය
තුල සිදු වේ.අවසානයේ කේලම් කියන්නා හා අසන්නා විනාශ වන අතර ආයනයේ දක්ෂයෝ ආයතනය හැර
යයි.
( ලාංකික සමාජයට
මහත් විනාශයක් ගෙන දී ඇති ප්‍රධාන කාරණයක් වන්නේ මෙම විකාර ටෙලිනාට්‍ය නැරඹීමය. මේවායින්
මනසට ලැබෙන්නේ වෛරය,තරහාව,වැරදී තීරණ,විකෘති පවුල් රටා ආදිය පිළිබඳවයි. දෛනිකව පැය
දෙක බැගින් මෙම ටෙලිනාට්‍ය නරඹන විට එදිනෙදා ජිවිතයේ කල යුතු කාර්යයන් මග හැරෙන අතර
සිත් තුළ ඉවසීම නොමැති වීම වෛර සිතුවිලි වර්ධනය වීම මෙන්ම එදිනෙදා ජිවිතයේ කටයුතු
මඟ හැරිමද සිදු වේ.මේ තුළින් අප ජිවිතයේ සමීපතයන් ද අපට මඟ හැරමට ඉඩ ඇත. බොහෝ
දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වුවත් දැනට මෙම ප්‍රමාණය සැහැයෙයි සිතේ.
මට සිතෙන ආකාරයට ඉහත කරුණු 04 අත්හැරියොත් අප බොහෝ මිනිසුන්ට දවසේ කථා කිරීමට දෙයක් නොමැත. එසේ සිදු වන්නේ යහපත් දේ පරිහරණය පුරුද්දක් ලෙස නැතිකමයි. එසේ ඉතිරි වන කාලය රැකියා ජිවිතයේ දියුණුවට දරුවන් දෙමාපියන් සමඟත්,
සැමියා බිරිඳ සමඟත් කාලය ගත කිරීමට මෙන්ම එදිනෙදා ජිවිතයේ කටයුතු සාර්ථක කර ගත
හැක.




0 comments:
Post a Comment